මැලේසියාවේදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි ක්‍රියාකාරීන් බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත තිබේ.
සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් දිවයිනට රැගෙන එනු ලබයි.
මෙම සැකකරුවන් අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
අදාළ පිරිසට එරෙහිව මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද සඳහන්.
ඔවුන් දිවයිනට රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන සහ නීතිමය පියවර ගැනීමට නියමිතය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න