රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කර ඇත. ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.ඒ මහතාව පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.
තුසිත හල්ලොලුවට ඇප.
Spread the news
අලුත්ම පුවත්
-
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්.
-
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට.
-
මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු.
-
හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි – පෙන්ටගනය.
-
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්..
-
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි .
-
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
-
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්.
-
සුමාත්‍රා දූපත් ආසන්නයේ 5.8ක ප්‍රබල භූකම්පනයක්.
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න