තහනම නොතකා වින්ච් දැමූ මාදැල් ධීවරයා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් කර්මාන්තයේ නිරත වුණු ධීවරයෙකු අදාළ වින්ච් යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මෙලෙස වින්ච් යන්ත්‍ර යොදාගෙන මාදැල් ඇදීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ (23) සවස මෙම වැටලීම සිදුකර තිබූ අතර ධීවර පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ළඟාවෙන අවස්ථාවේදීත් සැකකරු වින්ච් යන්ත්‍ර දෙකක් යොදාගෙන මාදැල් ඇඳීමේ කටයුතුවල නිරතවෙමින් සිට තිබේ. 
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන ප්‍රදේශයම පදිංචි ධීවරයෙකු වන අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිතය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *