කරච්චි නගරයේ හිස ඔසවන පරිසර හානිය ගැන අනාවරණයක්.

මෑතකාලීනව පාකිස්තානයේ කරච්චි නගරය මුහුණදී ඇති සීඝ්‍ර පරිසර හානිය හේතුවෙන් වායු තත්ත්ව දර්ශකය මහජන සෞඛ්‍යට දැඩි තර්ජනයක් එල්ල කරමින් ඇති බව වාර්තා වෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කරච්චි විශ්වවිද්‍යාලයක පැවැති විශේෂ සමුළුවකදී මේ බව අනාවරණය වී ඇති බවය. 

විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නගරයට අහිමි වන වටිනා ශාක පද්ධතිය පිළිබඳව බලධාරීන්ගේ නිහඬ ප්‍රතිපත්තියද මෙහිදී විද්වතුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ.

ලෝක පරිසර දිනයට සමගාමීව, කරච්චි විශ්වවිද්‍යාලයේ පාරිසරික අධ්‍යයන ආයතනය විසින් මෙම “දේශගුණික කරුණු පිළිබඳ සමුළුව” සංවිධානය කර තිබුණි. 

ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ වැඩිම බලපෑමකට ලක්විය හැකි රටවල් අතර පාකිස්තානය ඉදිරියෙන්ම සිටියද, ඒ පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය සහ උනන්දුව ඉතා පහළ මට්ටමක පවතින බවද එරට පාරිසරික අධ්‍යයන ආයතනය පෙන්වා දෙයි.

කරච්චි නගරයේ පවතින කසළ කළමනාකරණ ගැටලුව පිළිබඳවද සභාව දැනුවත් කළ පාරිසරික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා, නගරය තුළ දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 16,000ක් පමණ ජනනය වන බව අනාවරණය කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *