ඉන්දුනීසියේ භූකම්පනයෙන් මියගිය පිරිස 20 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම මෙම ඛේදවාචකය හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ඉන්දුනීසියාවේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7 ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබූ අතර පසුව එරටින් පසුකම්පන කිහිපයක්ද වාර්තා විය.

පසුව එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබූ අතර පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කිරීමටද පියවර ගනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *