වී මිලදී ගන්න ත්‍රිවිධ හමුදාව සහායට එයි.!

එළැඹෙන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

මේ සම්බන්ධ සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම, යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහා ද අවධානය යොමු තිබේ.

ඒ අනුව අස්වනු නෙලන කාලය වනවිට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමාකිරීමට කටයුතු යොදා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *