රජයේ රැකියාවක් දෙන බව පවසා අල්ලස් ගත් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු.245,000ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

රැකියාව ලබා දීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අවශ්‍ය බව මෙම සැකකරුවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පවසා ඇති අතර ඒ සඳහා පළමුව රුපියල් ලක්ෂ 2.5ක් ලබා දෙන ලෙසටත් ඉතිරි මුදල් රැකියාව ලැබුණු පසු ලබා දෙන ලෙසත් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *