උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා කෙරේ.

උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගුකෙරෙන බවය.  

උඩරට දුම්රිය මාර්ගයේ දෙපස ස්ථාන කිහිපයකින් නායයෑම් හේතුවෙන් මෙලෙස අද දහවල් දක්වා දුම්රිය ගමන් සීමා කෙරෙන බව සඳඟන්ය.

කොළඹ කොටුව සිට බදුල්ල අතර අද පෙරවරුවේදී ධාවනය කෙරෙන දුම්රිය පේරාදෙණිය හා බදුල්ල අතර පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

අද දහවල් 12.00 සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *