පිලිපීනයට ප්‍රබල භූමිකම්පාවක්.

පිලිපීන්යේ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවකින් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසීය.

මේ හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *