සජබ – එජාප දීගය සූදානම්ලු.!

එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි මැතිවරණ වලදී එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පක්ෂයේ නියෝජිතයන් රැසක් එම අවස්ථාවට සහභාගි වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *