ඝාතන තුනක වෙඩික්කරු අත්අඩංගුවට.

හෙරොයින් ග්‍රෑම් 106ක් සමග ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. 

පොලීසිය පැවසුවේ, අවුරුදු 44ක යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30ක මත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. 

වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයා ඩුබායිහි සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරත අයෙකු ලෙසට ද හඳුනාගෙන තිබේ. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 490ක්ද තිබූ බව පොලීසිය පැවසුවේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *