රැප් ගායක ශාන් පුතා රඳවාගෙන ප්‍රශ්න කරයි.!

පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ.

ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට පත්විය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප් ගායකයාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

ඊයේ (14) රාත්‍රී 10ට පමණ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන්නේ, ගොඩගම ප්‍රදේශයේ පදිංචි අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ශාන් පුතා, රැප් ගායක ශාන් පුතාගේ කළමනාකරු ලෙස කටයුතු ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කේෂර ඉෂාන්, හෝමාගම පදිංචි 27 හැවිදිරි සැකකාර පොලිස් කොස්තාපල් චන්දික ශ්‍රිමාල් යන අය ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *