2024 සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3,663කදී අදින් ඇරඹෙයි.!

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වේ.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී සිසුන් 474,147 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටී.

තමන්ට ලබාදී තිබෙන විභාග ප්‍රවේශ පත්‍රයෙහි ඇති කාල සටහන අනුව කටයුතු කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ කටයුතු සිදු කිරීමේදී විභාග අපේක්ෂකයින්ට හිරිහැරයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සියලු පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *