පාරිභෝගික අධිකාරිය මගින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ඉක්මවා ඇතැම් වෙළෙඳුන් විසින් කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීමටත් සඟවා තැබීමත් සම්බන්ධව පැමිණිලි ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම පාලන මිල අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 260ක් වන බැවින් එම මිලට අලෙවි කළ හැකි සැපයුම්කරුවන්ගෙන් පමණක් සහල් මිලදී ගන්නා ලෙසත්ය.
එලෙස ලබා ගත් භාණ්ඩ සැපයුම්කරුවන් විසින් ලබාදෙන බිල්පත තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය බවත් වෙළෙඳුන් වෙත දැන්ම් දෙන බවද එම අධිකාරිය පවසයි.
එමෙන්ම සැපයුම්කරුවන් සහල් ලබාදීමේදි වැඩිපුර මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධව වන තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකතන අංකය වන 1977 වෙත කාර්යාලයීය වේලාවන් තුළ ලබාදීමට කටයුතු කරන ලෙසද වෙළෙඳුන් දැනුවත් කරන බවද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම දිවයින පුරා සිදුකරන වැටලීම්වලට අමතරව ඊයේ (27) දින තලවතුගොඩ, හංවැල්ල සහ කඩුවෙල ප්‍රදේශවල සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 10 ක් සිදුකර තිබේ.
එහිදී කීරි සම්බා වැඩි මිලට අලෙවිකිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම සහ සගවා තබාගැනීම සිදුකරන ලද වෙළදුන් 7 දෙනෙකු සදහාත් නාඩු සහල් වැඩි මිලට අලෙවි කිරීමත්, මිල ප්‍රදර්ශනය නොකිරීමත් සම්බන්ධව වෙළදුන් තිදෙනෙකුටත් එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා සහල් වැටලීම් 1,400 ක් පමණ සිදුකර ඇති අතර සහල් වැඩි මිලට අලෙවිකිරීම සම්බන්ධව වැටලීම් 400 කට වැඩි ප්‍රමාණයක්ද සිදුකර ඇති බවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න