අද සහ හෙට විදුලි කප්පාදුවක්.!

පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලය පැවසුවේ අද සහ හෙට දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවය.

ඒ අනුව පස්වරු 3.30 සහ 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනු ඇත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *