සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් පොලිසියෙන් ලොකු වැඩක්.!

මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් ඊයේ (2) සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු වේ.

එහි දැක්වෙන්නේ විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීති විරෝධී සවිකිරීම, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු, අලාභ ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

ඒ අනුව සෑම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් 02 ක් සිදුකළ යුතු යැයි සඳහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *