සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට.!

ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටිමට නම් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් විසින් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *