නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවය.

මේ අතර මෙම සතිය සදහා පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දිනය දක්වා පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ දී ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *