ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙන්න මැතිසබේ සිකුරාදා රැස්වෙයි.!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන සිකුරාදා (14දා) පෙ.ව 09.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කෙරේ. එසේම පෙබරවාරි 14 දා මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර ද නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව එම සභා රැස්වීමේදී සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *