රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත බාර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා දැනට යොදා ගැනෙන ප්‍රධානතම අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වන අතර, එකී නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අඛණ්ඩව සපයා ගැනීම අත්‍යාවශ්‍ය වී ඇත.
රජයේ ආයතන වල පවතින ඉවතලන කඩදාසි, වාලච්චේන කඩදාසි කම්හලට ලබා දීම තුළින්, ප්‍රමාණවත් හා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් ලැබීම තහවුරු කර ගත හැකි බව නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, වාලච්චේන කඩදාසි කම්හලට අඛණ්ඩ කඩදායි සැපයුමක් තහවුරු කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන රජයේ ආයතන, සියලුම විශ්ව විද්‍යාල, රජයේ සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙතින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග, සීමාසහිත ජාතික කඩදාසි සමාගම විසින් ප්‍රවාහන පහසුකම් සැපයීමේ පදනම මත නොමිලේ සීමාසහිත ජාතික කඩදායි සමාගම වෙත බාර දීම.
- අනෙකුත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධිත සියලුම ආයතනවල පවතින ඉවතලන කඩදාසි තොග, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදාළ ආයතන හා සීමාසහිත ජාතික කඩදාසි සමාගම එකඟවන සපනදායී මිලකට එකී සමාගම වෙත බාර දීම.
ප්‍රතිචාරයක් ලබාදෙන්න