මාලිමාවේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර අත්සන් තැබීම අරඹයි.!

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ , කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායක සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයින් එක්විය.

නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ.වි‌.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ,ෙ මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව සමග එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අරඹන බවය.

ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා එහිදී පැවසුවේ මෙවර පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක වෙනසක් වෙනුවෙන් ජනතාව මාලිමාව වටා පෙළගැසෙන බවය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායිකා, ව්‍රායි කැලී බල්තසාර්,

“අපට ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉන්න බව පාර්ලිමේන්තු මැතිවරණයේදිත් පෙන්නුවා. ඒක පළාත් පාලන මැතිවරණයේදිත් අපි පෙන්වනවා. කොළඹ මහ නගර සභාව ඇතුළුව රටේම පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කරනවා.“

කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායක රංජන් ජයලාල් මහතා මෙහිදී පැවසුවේ, කඩුවෙල මහ නගර සභාවෙන් මෙතෙක් ජනතාව ගෙවන බදු මුදලට සාධාරණයක් ඉටු වී නැති බවත්, වරදානයක් වරප්‍රසාදයක් ලෙස නොසලකා වගකීමක් ලෙස සලකා කඩුවෙල පුරවරය සංවරධනය කරන බවත්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *