හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අයථා ලෙස වත්කම් ඉපැයීමක් සිදුකර ඇති බව පවසමින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා, ‛අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය ඊයේ (04දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඇමැති තනතුරු කිහිපයක් දැරූ නිමල් සිරිපාල ද සිල්වා, එම වකවානුව තුළ සිය බිරිඳගේ, පෙම්වතියකගේ සහ හිතවතුන්ගේ නම් යොදාගනිමින් විශාල ලෙස අයථා වත්කම් උපයා ඇති බව සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන බව ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මාධ්‍ය වෙත පවසා ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න