ජනවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 2ක පනී.!

මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 37,383කි.

එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *