UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරටට.!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවය.

2016 වර්ෂයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙය වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2016 වර්ෂයෙන් දී එවකට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත විය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇති බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *