මහින්දානන්ද හිරේ දැම්මාට නාවලපිටියේ ජනයා රතිඤ්ඤා දල්වා සතුට සමරයි.!

නාවලපිටිය නගරයේ ස්ථාන කිහිපයකම අද දහවල් රතිඤ්ඤා දල්වා සතුට සමරනු ලැබීය.

ඒ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර විස්සක බරපතල වැඩ සහිත හිරදඬුවම් නියම වීමෙන් පසුවය.

හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත.

ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමිනි.

එවකට ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේත් සතොස සභාපති ලෙස නලින් ප‍්‍රනාන්දුත් කටයුතු කලේය.

දැඩි මහින්ද රාජපක්ෂවා‍දියෙකු ක්‍රියාකළ මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය 2024 මැතිවරණයේදී අද දඩුවම් හිමිවූ නලින් ප්‍රනාන්දු සමග රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් විය.

එසේ එක්වුණත් තම ආසන ප්‍රතිඵලයද දුර්වලවී පසුගිය මහමැතිවරණයේ අන්ත පරාජයට පත් වූ පසු දේශපාලනයෙන් සමුගැනීම නිවේදනය කළේය.

අද කැරම් බොඩ් වංචා නඩුවට 20 අවුරුදු සිර දඩුවම ලබන්නට පෙර පොහොර වංචා නඩුවක් නිසා ඔහු බන්ධනාගාරගතව සිටියේය.

කෙසේ වෙතත් මෙම නඩුව වසර 11කට ආසන්න කාළයක් ජනාධිපතිවරු 3කු යටතේ යට ගොස් තිබූ මෙරට ප්‍රධාන නඩුවකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *