හොරු අල්ලන්න හදපු ලිස්ට් එකේ මමත් ඉන්වා – විමල් කළින්ම කියයි

හොරු අල්ලන් හදපු ලිස්ට් එකේ නම් 40ක් ඇති බවත් එහි තමන්ගේ නමත් ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මේ සම්බන්ධයෙන් ඔහු පළ කර ඇති අදහස් පහළින්,

“මේ ගොල්ලො හිතනවා ඡන්ද 34%ක් අඩුවුනේ හොරු අල්ලපු නැති නිසා කියලා. මැයි 7 ඉදන් ලිස්ට් එකක් හදනවා. ලිස්ට් එක හදන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. නම් 40ක් තියෙනවා මේ පරිප්පුව දෙන්න. මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්වරයා නිතර නිතර ජනාධිපති ලේකම් කාර්යාලයටත් යනවා. ලිස්ට් එක ඇතුළේ මමත් ඉන්නවා. ඒ 40 ට මහින්දානන්දලත් අයිතියි. කංචනගේ, රමේෂ් පතිරණගේ නමුත් තියෙනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *