දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.!

දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *