රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැසසුම්.! හැංගූ වත්කම් හොයන්නත් සහාය දෙන බව කියයි.!

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (28) අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ දී මේ බව පවසා ඇත.

මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතා වැදගත් වැඩසටහන් පෙළක් දැනටමත් පෙලගස්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය එහිදී ඔහු ඉල්ලා තිබේ.

ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුුළුව, කාළගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ඒ අතර වෙයි.

නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබාදීමට සූදානම් බව ද නිත්‍ය නියෝජිතවරයා මෙම සාකච්ඡාවේ දී විජිත හේරත් අමාත්‍යවරයාට දන්වා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *