හිමිකරුවන් නැති නීති විරෝධී ලෙස ගෙන්වූ බහාලුම් පරීක්ෂා කිරීමේදී එක් බහාලුමක ප්‍රසිද්ධ සමාගමක නම් සහිත භාණ්ඩ තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සංවිධානය කළ ආර්ථික සමුළුව අමතමිනි.
රටට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා දැනට පවතින දුෂ්කරතා විසදීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.
දැනට ආයෝජකයකුට මෙරට ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ ආයතන 82 ක් අවසර ලබා ගත යුතු බවත් ඒ සදහා වසර දෙකහාමාරක පමණ කාලයක් ගතවන බවත් කීවේය.මෙම කාලය අඩුකිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න