මිලාන් ජයතිලක අත්අඩංගුවට.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙය සිදුවී ඇත්තේ ඔහුට එරෙහිව පවතින දූෂණ චෝදනාවකට අදාළව සිදුකරන විමර්ශනයකට සම්බන්ධවයි.

පසුගිය අරගල සමයේදී දේපළ හානි වූ බවට සාවද්‍ය තොරතුරු සපයා රජයෙන් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් 43 දෙනෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මන්ත්‍රීවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *