ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ණය රේඛාව සහ ගැනුම්කරුගේ ණය, ණය ගිවිසුම්වලට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන – ආනයන බැංකුව (EXIM) අතර ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම සිදුවිය.
වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ EXIM බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.
ප්‍රංශය සහ ජපානය සමඟ නිල ණයහිමි කමිටුවේ සම සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දීමේදී ඉන්දීය රජය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. අර්බුදයේ උච්චතම අවස්ථාවේදී අවශ්‍යතා ඇති හදිසි ආධාරවල සහාය ඇතිව ඉන්දීය රජයේ නායකත්වය, කැපවීම සහ ඵලදායී මැදිහත්වීම ශ්‍රී ලංකාවට ආර්ථික ප්රකෘතියේ අභියෝග ජය ගැනීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගැනීමට උපකාරී විය.
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව (EXIM) අතර ණය රේඛා සහ ගැනුම්කරුගේ ණය ගිවිසුම්වලට අදාළ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පිළිවෙලින් 2025 මාර්තු 25 සහ 2025 අප්‍රේල් 03 යන දිනවල සිදු විය. ඉන්දීය රජය සමඟ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය රේඛා 07 සහ ගැනුම්කරුගේ ණය පහසුකම් ගිවිසුම් 04 හි මුළු මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 930.8 කි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ඉන්දියානු EXIM බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් වෙඩ් මහතා ණය රේඛා ගිවිසුම් අත්සන් කළ අතර ඉන්දියාවේ EXIM බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිත් කුමාර් මහතා ගැනුම්කරුගේ ණය ගිවිසුම් අත්සන් කළහ.
ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අවසන් කිරීම නිසැකවම ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගැඹුරු සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මග පාදනු ඇත.






ප්‍රතිචාරයක් ලබාදෙන්න