කාෂ්මීර ප්‍රහාරකයන් පිරිසක් පැමිණි බවට දුරකථන ඇමතුමක් ලැබී කටුනායක ගුවන් තොටේ ජරමරයක්.!

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

ඒ ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද දුරකථන ඇමතුමක් මතයි.

අද (03) පෙරවරු 11.59ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවූ යූ.එල් 122 දරන එම යානය පුළුල් සෝදිසියකට ලක්කර තිබේ.

කෙසේවෙතත් ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු අදාළ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා නොවන බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *