පාර්ලිමේන්තු ලොක්කන්ගේ තටු කපයි.!

පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිට ලබාදෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයකුට මෙතෙක් සීමාවකින් තොරව ඉන්ධන ලබාදුන් අතර මින් ඉදිරියට මහ ලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යංශ ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහලේකම් සඳහා කිලෝමීටර 1200ක් දක්වා මාසික ඉන්ධන කෝටාවක් ලබාදුන් අතර මින් ඉදිරියට නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරයාට මින් ඉදිරියට ලැබෙන්නේ එක් වාහනයක් පමණක් බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *