මාර්තු මාසය‍ේ අපනයන ආදායම ඉහළට.!

මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයකි.

ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 8.6ක වර්ධනයක් බව දැක්වෙයි.

මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693ක් වන අතර එය ඕනෑම වසරක මාර්තු මාසයකදී වාර්තාවූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය බව මහ බැංකුව පෙන්වා දෙයි.

මේ වසරේ මාර්තු මාසයේදී සංචාරක ඉපැයිම් අමෙරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ සංචාරකයින් 229,298 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *