මාලිමාවේ මැයි රැළිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට ගාලු මුවදොර පිටියේ දී.!

හෙටට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වන විට සියලු පක්ෂ සුදානම් වෙමින් පවතියි.

ජාතික ජන බලවේගය විසින් සිය මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *