ජාතික ලොතරැයි මණ්ඩලයේ භාණ්ඩ සාවද්‍ය ලෙස පරිහරණය කළ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්න නියෝග.!

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 – 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 47,8307.03ක් වටිනා IPhone දුරකතනයක් හා IPad එකක් හා චාජරයක් මෙන්ම Apple MacBook පරිගණකයක් සහ එහි චාජරය සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකළැයි කරන විමර්ශනයකට අදාළව යි. ඒ පිළිබඳව කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් ඉල්ලීමක් කර ඇත.

කොටුව පොලීසිය විසින් මෝසම ගොනු කරමින් පසුගියදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය සිදු කර ඇත්තේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලන විසින් 2024 ඔක්තෝබර් මස 21 වැනිදා කොටුව පොලීසියට කළ පැමිණිල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේ.

2019.11.19 දින සැකකරු සේවයෙන් ඉවත්ව යන අවස්ථාවේ දී මේ භාණ්ඩ යලි ආයතනය වෙත භාර දී නොමැති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ. 2024.11.01 දා සැකකරු කොටුව පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනිඕඩර් මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත ඔහු වෙත යොමු කර ඇති බවද සැකකාර තුසිත හල්ලොලුව ප්‍රකාශ කර තිබේ.

සිදුවීමට අදාළ පැමිණිල්ලට අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලීසිය අධිකරණයට දන්වා තිබිණි.

තුසිත හල්ලොලුව මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ අයෙක්.

Spread the news

Comments

“ජාතික ලොතරැයි මණ්ඩලයේ භාණ්ඩ සාවද්‍ය ලෙස පරිහරණය කළ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්න නියෝග.!”ට එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *