හොර වාහන භාවිත කළ හිටපු ඇමතිවරු 3ක් ලගදීම අත්අඩංගුවට.!

ලියාපදිංචි නොකල වාහන භාවිතා කරන ලද හිටපු ඇමතිවරුන් තිදෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගෙනෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු මෙම චෝදනාව යටතේම දැනටමත් අත්අඩංගුවට පත්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.

ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

“ගමේ කෙනෙක් මෝටර් සයිකලයක් රෙජිස්ටර් කරන්නෙ නැතුව පාරට දාන්නේ නෑ.හැබැයි මේ රටේ ඇමතිවරු වාහන ගේන්න තහනම් කාලෙත් වාහන ගෙනාපු යුගයක් තියෙනවා.ලයිෂන් කරන්නෙ නැතුව වාහන පදිනවා. බොරු අංක තහඩු දාල වාහන පදිනවා.ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ කියලා ඒගොල්ලෝ හිතනවා”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *