මර්වින්ට එරෙහි තවත් නඩුවක් යළි කැඳවයි.!

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අදාළ නඩුව ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අධිකරණයට කරුණු අනාවරණය කෙරුණි.

ඒ අනුව නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

එදින මර්වින් සිල්වා බන්ධනාගාර ගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියම කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *