හිටපු ජනපතිලාගේ තටු ගැලෙවයි.!

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන නිල වාහන සංඛ්‍යාව සහ මාසිකව ලබාදෙන ඉන්ධන කෝටාව අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඊට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කළ අතර එම චක්‍රලේඛයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබාදෙන නිල වාහන ගණන දෙකකට සීමා කර ඇත.

අමතර සියලුම වාහන නැවත ජනාධිපති කාර්යාලයට භාරදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

තවද හිටපු ජනාධිපතිවරයකුට මේ දක්වා මාසිකව ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර් 2250ක් වන අතර එම කෝටාව ලීටර් 900කට සීමා කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රකා බණ්ඩාරනායක වෙත මෙම දැනුම්දීම කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *