දිළිදුකම පිටුදැකීමේ රජයේ නව වැඩපිළිවෙල පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කෙරේ.!

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙල හා ග්‍රාමීය සංවර්ධන කාර්යංශය මගින් ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන වෙත හඳුන්වාදී ඒ පිළිබඳ අදහස් හුවමාරුකර ගැනීමේ සැසියක් පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසවිබලගැන්වීමේ අමාත්‍ය ගරු උපාලි පන්නිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ග්‍රාමීය ප්‍රජාව අතර මේ වනවිට කටයුතු කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් විශාල නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර දිළිඳුකම පිටුදැකීමේ රජයේ නව වැඩපිළිවෙල ඔවුන්ගේ විශේෂ අවධානයට ලක් විය.

එක්සත් ජාතිීන්ගේ සංවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සර්වෝදය, වර්ල්ඩ් විෂන්, චයිල්ඩ් ෆීඩ් ශ්‍රී ලංකා, සංවර්ධනය හා සංස්කෘතිය සඳහා වන මුස්ලිම් පදනම, බෙරෙන්ඩිනා සංවිධානය, ජනතාක්ෂණ සංවිධානය ඇතුලු සංවිධානවල නියෝජිතයින් ග්‍රාමීය ප්‍රජාවගේ ගැටළු සඳහා තම සංවිධානවල යෝජනා හා රජයේ නව වැඩපිළවෙල පිළිබඳ සිය අදහස් මෙහිදී ඉදිරිපත් කර සිටියේය.

දිළිඳුකම පිටුදැකීමේ රජයේ යෝජිත නව වැඩසටහන හා මධ්‍යගත වෙමින් ඉදිරියේදී තම සංවිධානවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එම සංවිධාන මෙහිදී එකගතාව පළකර සිටි අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 280 ක ව්‍යාපෘතියක් ඒ සමග එක් කිරීමට සිය එකගතාව පලකර සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය නොවන සංවිධාන විසින් කරගෙන යනු ලබන ව්‍යාපෘති එක් වැඩපිළවෙලකට සම්බන්ධ කිරීම සතුටට කරුණක් බවත් එමගින් දිළිඳුකම පිටුදැකීමේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ඉහලයන බවත් ප්‍රකාශකර සිටියේය. එමෙන්ම ග්‍රාමීය මට්ටමේ පවතින ආර්ථික කළමනාකරණයේ ගැටළු හා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති ගැටළු පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු විය.

රජයේ සංවර්ධන කාර්යයන් සඳහා ඔවුන් සම්බන්ධ කරගැනීම පිළිබඳව ද අදාල සංවිධාන නියෝජිතයින රජයට සිය කෘතඥතාව පළකර සිටියහ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ නිලධාරින් හා ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක ලේකම් වරුන් වන කපිල ජනක බණ්ඩාර, බුද්ධික ජයතිස්ස, සංජය වීරසිංහ, ප්‍රසාද් කෝරලගේ යන මහත්වරු එක්ව සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *