ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක්.!

ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් හිමි ජම්මු හා කාශ්මීරයේ පිහිටි පහල්ගම් නිම්නයේදී සංචාරකයන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් විසිහය දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඉවත් කිරීම සඳහා හමුදා හෙලිකොප්ටර් සේවයට යොදවා ඇත.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ එම ප්‍රදේශයට පයින් හෝ අශ්වයෙකු පිට පමණක් ප්‍රවේශ විය හැකි බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් සෞදි අරාබියේ නිල සංචාරයක් සඳහා අද පිටත්ව ගිය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය කෙටි කොට නැවත සිය රට බලා පිටත් විමට නියමිත බවයි වාර්තා සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *