ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සියලුම ශ්‍රී ලාංකික ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවා.!
2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.
ආහාර පිසීමේ නැකත යෙදී තිබුනේ පූර්වභාග 04.04 ටය.
තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44 ටය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න