මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට.!

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතී.

ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පසුගිය මාර්තු මාසයේ 3 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 13කි.

ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක් ද පොලීස් භාරයට ගෙන ඇත.

ඊයේ (08) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ලැබී ඇත.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12ක් ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මාර්තු 3 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 24කි.

එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 99ක් ද වාර්තා වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *