ඉන්දීය අගමැති මෝදි, මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කරයි.!

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.

මේ සමගින් නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *