ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඇයගේ රුවට බොහෙවින් සමාන කාන්තාවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය පැවසීය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පැවසීය.
පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේය.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවකි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න