යෝගට් සහ දියර කිරි මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.!

අද (01) දිනයේ සිට ජනතාවට සහන සලසමින් හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි වර්ගවල මිල ගණන් අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කළ බව අලෙවි හා විකුණුම් කළමනාකරු සම්පත් ගුණරත්න මහතා සදහන් කරයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 80ට අළෙවි කළ හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් 10කින් අඩු කරන අතර නව මිල රුපියල් 70කි.

තවද රුපියල් 225කට අළෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ කල් තබාගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 200ක් දක්වා අඩු කර ඇත.

රුපියල් 200කට අලෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ පැකට්ටුවක මිල රුපියල් 170 දක්වා සහ රුපියල් 440කට අළෙවි කළ මිලිලීටර් 900 ප්‍රමාණයේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වා රුපියල් 60කින් අඩු කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *