පළාත් පාලන මැතිවරණයට අධිකරණ නියෝගයක්.!

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් අත්හිටුවන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *