පසුගිය රාජ්‍ය පාලනය තුළ ජනාධිපති අරමුදලේ අරමුණුවලට පටහැනිව එම අරමුදලින් මුදල් ගත්ත දේශපාලඥයන්ට එරෙහිව නීත්‍යනුකුලව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.
මෙම අරමුදලින් හිටපු දේශපාලඥයන් රුපියල් ලක්ෂ 200, 300 ලබාගත්ත ආකාරය පහුගිය දිනවල අනාවරණය වු බවත් ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විමර්ශන ආරම්භ කර තිබෙන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
“රටේ ඉහළ දේශපාලන අධිකාරිය මෙම අරමුදල් ලක්ෂ 200, 300 ලබාගත්ත ආකාරය පහුගිය දවස අනාවරණය වුණා. අපි මේ සියලු කාරණා පිළිබදව මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව වෙත පැමිණිලි කරලා තියෙනවා. විමර්ශන ආරම්භ වෙලා තියෙනවා.
මේ වෙනකොටත් ජනාධිපති කාර්යාලයේ නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් තියෙනවා. ඒ වගේම මේ විමර්ශන කඩිනම් කරලා තියෙනවා. ඉදිරියේදී විමර්ශන ප්‍රතිඵල මත නීත්‍යනුකුල පියවර ගන්නවා. වැරදි ආකාරයෙන් අරමුදලින් මුදල් ලබාගෙන තියෙන බවට තහවුරු වුණොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් යනවා. බැලු බැල්මටම මේ මුදල් ලබාගැනිම නීතිවිරෝධි කියල අපට හිතෙන්නේ. නමුත් විධිමත් විමර්ශනයක් කරන්න අවශ්‍යයි. ඒ හින්දා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට මේ කටයුත්ත බාරදීලා තියෙන්නේ.
එහි විමර්ශන කටයුතු කඩිනම් කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. විමර්ශන ප්‍රතිඵල ලැබුණු වහාම නීත්‍යානුකූල පියවර ගන්න අපි කටයුතු කරනවා.”
ප්‍රතිචාරයක් ලබාදෙන්න