නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට.!

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවය.

“ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස. ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ රටේ නීතියේ විධානය, ආදිපත්‍ය යළි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව.”

2026 වසර වන අයවැය සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම මෙම වසරේ ජුනි මාසයේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *