නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා තිබේ.
එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබේ.
මෙමගින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර ඇත.
අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න